රු. 25M ක් සංගමයට.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ රජය සිය යුතුකම් හා වගකීම් ඉටු කරන බවත් දහස් සංඛ්‍යාත රසිකයින්ගේ හදවත් සතුටු කරන කලාකරුවන්ගේ ජීවිතයේ අවසානය ඛේදවාචකයන් බවට පත්වීමට ඉඩ නොදෙන බවත්ය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් රු. මිලියන 25 ක් ශ්‍රී ලාංකිය ගායක ගායිකා සංගමයේ අරමුදලට ලබාදෙන අවස්ථාවේදීය .
ඔවුන්ගේ හැකියාවන් තුළින් ජාතියක් වින්දනය කළ කලාකරුවන්ට වටිනාකමක් හා ගෞරවයක් ලබා දිය යුතු බව ජනාධිපතිතුමා පැවසීය. ඔවුන්ගේ යහපැවැත්ම පිළිබඳව සොයා බැලීම අත්‍යවශ්‍ය බවත් ඒ සම්බන්ධයෙන් වත්මන් රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ඔහු පැවසීය.
කලාවට, සාහිත්‍යයට හා සංගීතයට දේශපාලනයක් නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා, තමා කුමන දේශපාලන වේදිකාවක සිටියත්, කලාකරුවන් ලෙස මේ රටේ සියලුම කලාකරුවන්ට ගරු කරන බව ප්‍රකාශ කළේය.
කලාකරුවකුගේ අසනීප කාලවලදී කලාකරුවන්ට හෝ ඔවුන්ගේ පවුල්වලට ඔවුන්ගේ දායකත්වය ලබා දීමට පියවර ගත් ආකාරය සිහිපත් කළ ජනාධිපතිතුමා, අනාගතයේ දී ද එවැනි සේවාවන් දිගටම ලබා දෙන බවට සහතික විය.
රටේ අනාගත සංවර්ධනය සඳහා කලාකරුවන්ට කළ හැකි ඉමහත් සේවය පෙන්වා දුන් ජනාධිපති සිරිසේන මහතා එම යුතුකම ඉටු කිරීමට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කළේය.
Comments
This post currently has no comments.