Chandra Kanthi Munaweera

Biography
Name: | Chandra Kanthi Munaweera |
Address: | 6/6,1st Lane, Cemetery Road, Gangodawilla, Nugegoda |
Con. No: | 0115245245 |
Birth Day: | 3rd April |
E-Mail: | Chandra.Kanthi@srilankasingers.com |
චන්ද්‍ර කාන්ති සිය සංගීත දිවිය ආරම්භ කළේ වයස අවුරුදු 12 දී ඇගේ සහෝදර තිලක් මුනවීර සමඟ ය. ඔහු සංගීත ශිල්පියෙකු වීම නිසාම ඔහු කාන්ති සමඟ සමීපව කටයුතු කළ අතර ඇගේ ළමා කාලය සංගීතය සමග මිශ්‍රකර අලුත් ජිවිතයක් නිර්මාණය කළේය. ඇගේ පවුල ඇගේ සංගීත ජීවිතයට විශාල දිරිගැන්වීමක් විය. කාන්ති මුලින්ම සංගීතය කලේ ඇයගේ නිදහස සහ විවේකය සඳහායි. නමුත් පසුව ඇය සංගීතය ඇගේ ජිවන වෘත්තිය බවට පත් කර ගත්තාය. විශිෂ්ට කලාකරුවෙකු වීමට ඇයගේ තිබු දැඩි ආශාව වටහා ගත් ඇගේ පවුලේ අය විසින් ඇගේ පළමු ඇල්බමය “සමුගන්නෙ නැහැ” 1993 දී ක්ලෑරන්ස් විජේවර්ධන සහ කීර්ති පැස්කුවල් සමඟ අවසන් කිරීමට කටයුතු කරන ලදී. දෙවන ඇල්බමය ලෙස “තල් වැට අයීනේ ” 2012 දී නිකුත් කිරීමට ඇය සමත් විය.
චන්ද්‍ර කාන්ති මුණවීර ගායනය සඳහා සහජ දක්ෂතාවයක් ඇති ගායන ශිල්පිනියකි. ඇය පූර්ණ කාලීන සංගීත ශිල්පිනියක් වන අතර ගීත රචකයෙකි. ඇය සංගීත ක්‍ෂේත්‍රය තුළ සිය අනන්‍යතාවය තබා ඇත්තේ ඇගේ සංගීත හැකියාවන් සම්බන්ධයෙන් සහ ඕනෑම සංගීත ශෛලියක් වැඩිදියුණු කිරීමේ කුසලතාව ප්‍රගුණ කරමිනි. ඇය පළමු ශ්‍රේණියේ ගුවන්විදුලි ගායන ශිල්පිනියක් වන අතර 1998 දී පිහිටුවන ලද ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ‘මූන්ෂයින්ස්’ හි නිර්මාතෘවරියයි.
ඇය හින්දුස්ථාන් සංගීතය පළමුව කොටස් වන ප්‍රවේශිකා සහ ප්‍රථමා විශාරද නිර්මාලා රණතුංග මහත්මියගෙන්ද , මධ්‍යම සහ විශාරද විභාගයන් සංජීත් නිපුන් ප්‍රසන්ත කුරගම යටතේද හදාරන ලදී. මේ වන විට නාවාරා සංගිත් විද්‍යාලයේ ( ඉන්දියාවේ භත්ඛන්ඩේ සංගිත් විද්‍යාපීටයට අනුබද්ධව) විශාරද සියලු විභාගයන් සම්පුර්ණ කරනලද සංගීත විශාරදවරියෙකි.
මූන්ෂයින්ස් සජීවී තූර්ය වාදක කණ්ඩායම පූර්ණ කාලීන සංගීත කණ්ඩායමකි , ඔවුන් මංගල උත්සව, උපන්දින සාද , නොයෙක් විශේෂ අවස්ථා සහ ආයතනික රාත්‍රී භෝජන සංග්‍රහ සඳහා සහභාගී වන සජීවී සංගීත කණ්ඩායමකි. ශ්‍රී ලංකාවේ සිටින ඉතා දක්ෂ , වෘත්තීමය සංගීත කණ්ඩායමක් ලෙස මූන්ෂයින්ස් ඔවුන්ගේ රසිකයන් අතර නොමැකෙන නමක් තබා ඇත. මොවුන් ආදර ගීතවලට අතිවිශිෂ්ට හැකියාවක්ව පෙන්වන අතර , ඕනෑම අවස්ථාවකට උචිත ලෙස , ඔබලාට අවශ්‍ය ලෙස ගීතද නාද රාටද තෝරා ගත හැකිය, මූන්ෂයින්ස් ඔබේ ජීවිත කාලය තුළ එක් වරක් එන අවස්ථාවන් ඔබේ ආදරණීයයන්, පවුලේ අය සහ මිතුරන් සමඟ එම සුවිශේෂී මොහොත සදහටම මතකයේ තබනු ඇත.
චන්ද්‍රකාන්ති ගේ ජීවිත කතාව ඇයගේ මුවින්ම ඇසීමට ඔබට ආරාධනා…
Events
Videos
Photos