Ajantha Peiris

Biography
Address: | 152/43, 6th Lane, Sri Mangala Road, Makola South |
Con. No: | |
Birth Day: | 10th January |
E-Mail: | Ajantha.Peiris@srilankasingers.com |
අජන්තා පීරිස් යනු ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ වාදන ශිල්පියෙකු වු “වින්සන්ට් මාස්ටර්” ලෙස හැඳින්වෙන දිවංගත දොන් වින්සන්ට් පීරිස් මහතාගේ පුත්‍රයා වන අතර ඔහුගේ පියා ශ්‍රී ලංකාවේ මුල් කාලයේ ප්‍රවීණ ගායන ශිල්පියෙකු, වයලීන වාදකයෙකු සහ සංගීත රචකයෙකු විය.
ඔහු උපන් ගම මහනුවරය. ඔහු මුලදී සිය පියාගෙන් සංගීතය හැදෑරූ අතර ඔහු ළමා කාලයේ දී විශාරද ජිනදාස මාස්ටර් සහ විශාරද විනීතා පල්ලාවල ගුරුතුමියගේ ශිෂ්‍යයෙකි. ඔහු හින්දුස්ථාන් සංගීතය පළමු කොටස වන ප්‍රවේශිකා සහ ප්‍රථමා විශාරද නිර්මාලා රණතුංග මහත්මියගෙන්ද , මධ්‍යම සහ විශාරද විභාගයන් සංජීත් නිපුන් ප්‍රසන්ත කුරගම යටතේද හදාරන ලදී. මේ වන විට නාවාරා සංගිත් විද්‍යාලයේ ( ඉන්දියාවේ භත්ඛන්ඩේ සංගිත් විද්‍යාපීටයට අනුබද්ධව) විශාරද සියලු විභාගයන් සම්පුර්ණ කරනලද සංගීත විශාරදවරයෙකි.
ඔහු සිය පළමු උපාධිය ( B,Sc) රුහුනු විශ්ව විද්‍යාලයෙන්ද , දෙවන උපාධිය වන (M.Sc- Computer Science ) කොළඹ විශ්ව විද්‍යාලයෙන්ද ලබා ගත්තේය . ඊට අමතරව ඔහු බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකාවේ පරිගණක සංගමයේද සාමාජිකයෙකි. ඔහු ANCL ( Lake House) සහ කොමර්ෂල් බැංකුවේ ( Commercial Bank) මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කර ඇති අතර ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාවේ ( SLIC) සහකාර සාමාන්‍ය අධිකාරිවරයා ලෙසත් සේවය කර ඇත. මේ වන විට ඔහු ලංකා බෙල් ( Lanka Bell) සහ බෙල් සොලූෂන්හි ( Bell Solution) ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයෙක් ලෙස කටයුතු කරන අතර මෙල්ස්ටාර් තාක්‍ෂණ ( Melsta Technology ) ආයතනයේ අධ්‍යක්‍ෂවරයකු ලෙස සහ බෙල්වාන්ටේජ් ( BellVantage ) ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයා ලෙසද සේවය කරනු ලබයි.
Videos
Photos